(මෙහි මුකුත්ම අහුරා නැත.අහුරන්නට තරම් දෙයක්ද මෙහි නැත.මිතුරන් අතරේ පතුරන්න.ඕනෙම දෙයක් කොපි කර ගන්න.ඔබට යමක් ලබාගත හැකිනම් ලබා ගන්න.මගෙන් කිසිම අවුලක් නැත.)

ආයුබෝවන් මගේ මිතුර මිතුරියනේ....

සමහර විට ඔබ නොදන්නවා විය හැක. 

 අන්තර්ජාලයේ මුදල් අද වන විට බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක්.මේ වචන ටිකට මුවාවෙලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන්නන් රට පුරාම බෝවෙලා ඉවරයි.පඳුරකට පයින් ගැහුවොත් ඊ මනි ගුරාලා විස්සක් තිහක් වීසිවෙන තරමට ගුරාලා බිහිවෙලා.මේ ඊ මනි ගුරාලා අතරින් සීයට අනූවක්ම පල්හොරු.ඒ අතර හොඳ අයත් කීප දෙනෙක් ඉන්නවා කියලයි ආරංචිය.ඒ අය කව්ද කියල හොදින් හොයල බලල මුදල් නොගෙව්වොත් අමාරුවේ වටෙන බව මතක තියා ගන්න.පත්තරවල මාසයකට රුපියල් ලක්ෂයක් උපයන්න පුලුවන් කියල ඇඩ් දැම්මට මොවුන් ඊ මනි රුපියලක් වත් හොයපු අය නොවේ.හැබැයි ඇත්තටම ඊ මනි හොයන අය ලංකාවෙ ඉන්නවා. ඊ කොමස් කියන්නේ බොහොම පුලුල් විෂයක් ඒ ගැන දන්න අය බොහොම ටික දෙනයි ඉන්නෙ.මමත් සීදුව පැත්තෙ එක්තරා ඊ මනි ගුරෙකු හමුවෙලා ඊ මනි ශිල්පය ඉගෙන ගන්න ගියා කියමුකො.ඔන්න ගිය ගමන්ම ගෑනු ලමයෙක් ඇවිත් රුපියල් 5000 ක් ගෙවන්න කිව්වා.මමත් සල්ලි තියනවට නෙවෙයි ඒත් අතේ රුපියලක් වත් නැතිව මාස ගානක් ඉඳලා ඉඳලා කීයක් හරි හොයා ගන්න පුලුවන් වෙයි කියල රුපියල් 5000 ක් අමාරුවෙන් හොයාගෙන ගියේ.ඊට පස්සෙ ගුරා ප්‍රොජෙක්ටරයක් දාගෙන ඇලර්ට් පේ ගිනුමක් හදන හැටි.බක්ස් අඩවි වල ලියා පදිංචි වෙන හැටියි තවත් ඊ මනි ක්‍රමයි කියලා දුන්නා.පැය දෙකක විතර විස්තර කිරීමකින් මේ දේවල් කියල දුන්නෙ.ඊට පස්සෙ මමත් වැඩේ ගොඩ කියල හිතා ගෙන ආවා.ඔයාල හිතන්නෙ වැඩේ ගොඩ ගියා කියලද?නැහැ.මාස ගානක් ඊ මනි හොයන්න ට්‍රයි කරල කරල මම තවත් අනාත වුනා.ඊට පස්සෙ තමයි මම දැනගත්තෙ අර ගුරා රුපියලක් වත් හොයල නැති මනුස්සයෙක් කියල.අඩුතරමින් ඊ මනි උගන්වන මොහු හොර වෙබ්සයිට් මොනවද කියලවත් දැනගන ඉඳල නැහැ.

                                    ඉතිං මිතුරනේ මට වෙච්චදේ ඔයාලට නොවෙන්න මම හොයා ගත්ත දේවල් ඔයාලට කියා දෙන්න මම තීරණය කලා.මම අන්තර්ජාල ගුරෙක් නොවෙයි.මම මහා දැනුමක් තියන පොරකුත් නෙමෙයි.ඒත් මම දන්න සුළු දේවල් ටික උනත් නොදන්න අයෙක් සිටීනම් ඔහුගේ දැන ගැනීම සඳහා මෙහි ලියා තබන්නම්.මෙය කියවා ඔබට යමක් ගන්න තියනවනම් අරන් යන්න.මට දැනගන්න ලැබෙන හැම අලුත් දෙයක්ම මම මෙහි ලියන්නම්.ඉවරයක් තියන වෙලාවක ඇවිත් කියවලා යන්න.ඕනෑම දෙයක් මගේ emoney16@live.com  ලිපිනයට ලියා එවන්න. 

 
free counters

 ඔන් ලයින් ගිනුමක් ඇරඹීම පිලිබඳව දැන ගැනීමට  මෙතන ඔබන්න.

හොඳම දැන්වීම් නැරඹීමේ වෙබ් අඩවි ගැන දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න. 

 

 පරණ ක්‍රමය තුල අලුත් යෝජනාවක්                      

            bux කියන වචනෙ පවා එපා වෙන ගානට පහුගිය කාලෙ bux එනවා bux යනවා bux එනවා bux යනවා එකක් වත් වැඩි දවස් තිබුනේ නැහැ. onbux එකෙන් cash out  කරන එක අවුල් වුනාට පස්සෙ vcbux එක හොද තත්වයකට ආවත් උනුත් අපේ සල්ලි අරගෙන මාරු වුනාට පස්සෙ අලුතින් හඳුන්වා දෙන්න තරම් සයිට් එකක් හමුවුනේ නැහැ.හැබැයි ඒකෙන් bux ගැන ගොඩක් දේවල් ඉගනගන්න පුලුවන් වුනා කිවුවොත් හරි මං හිතන්නෙ.ඉතිං යාලුවනේ දැන්නම් කිසිම bux සයිට් එකක් විස්වාස කරන්න එපා උං ඔක්කොම හොරු.ඔය හැම bux සයිට් එකක්ම කරන්නෙ, ඇවිල්ලා අපිට කියලා ඇඩ් ටිකක් ක්ලික් කරවගෙන ඒ සල්ලි ටික උං අරගෙන මාරුවෙන එක.ටික කාලයක් රැදිල ඉන්න එවුං කරන්නෙ අපේ සල්ලි ඒ කියන්නෙ අපේ ක්ලික් වලට ගෙවන්න තියන සල්ලි මොකක හරි ආයෝජනය කරල ඒ ලැබෙන පොලියෙන් අපිට ටිකක් ගෙවන එක.

                                          ඔය පර සුද්දො හැමදාම අපිට ඇරල මාරුවෙන නිසා මම කල්පනා කලා උන්ට අරින්න ක්‍රමයක්.මේක වංචාවක් නෙමෙයි.කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියල මම දන්නේ නැහැ.කරල බලන්නම වෙනවා.මෙතන ක්ලික් කරල එන්නකො බලන්න.